සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාලව ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කළ පසු සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබීමට සේවකයින් 264 දෙනකු මනාපය පළ කර ඇතැයි රජය කියයි.
ඒ අනුව රාජ්‍ය ව්‍යවසායන්හි අතිරික්ත සේවකයන් ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ප්‍රයෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ නිර්දේශයන්ට යටත්ව පොහොර සමාගම් ඒකාබද්ධ කිරීමට අදාළව සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් යෝජිත අනිවාර්ය විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල් වලින් රුපියල් මිලියන 844 ක් වැය කිරීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.