පොහොර සමාගම්වලට පොලු තබා තිබූ මිලියන 29000ක් ⁣ගෙවයි

වසර ගණනාවක් පොහොර මිල දී ගැනීම වෙනුවෙන් පෞද්ගලික පොහොර සමාගම්වලට නොගෙවා තිබු රුපියල් මිලියන 29000ක හිඟ ණය මුදල් සියල්ල රජය විසින් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පොහොර සමාගම් වලට හිඟ මුදල් වශයෙන් ගෙවීමට තිබු නිසා බොහෝ සමාගම් මුල්‍යමය වශයෙන් දුර්වල තත්ත්වයකට මුහුණ දෙමින් සිටි නිසා අදාල මුදල් ගෙවීමට ජනාධිපතිවරයා තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහල නැංවීම හා තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශනය  කර ගැනීම ඉලක්ක කරමින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් දිවයිනේ ගම්මාන 160ක් සංවර්ධනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇතැයි අමරවීර මහතා කීය.

මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1600කි. මේ අනුව එක ගම්මානයකට පළමු අදියර යටතේ රුපියල් මිලියන 10ක් මුදලක් බැගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇතැයි අමාත්‍යවරයා කීය.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනෙහි ප්‍රගතිය සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *