ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙනම අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කිරීම රටට සුබ ආරංචියත් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ අනුව රට බංකොලොත් කිරීමට සම්බන්ධ කණ්ඩායම එකට එක්ව අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හරහා රටේ ජනතාවට නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තමාගේ සහ පක්ෂයේ මතය එළැඹෙන සතියේ ප්රකාශයට පත් කරන බවත්, රාජපක්ෂවරු සිටින කිසිදු කඳවුරකට තමාගේ සහ පක්ෂයේ සහය නොලැබෙන බවත් මන්ත්රීවරයා පැවසීය.
එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයා ස්වාධීනව ඉදිරිපත් වුවද ඔහුට සහාය දක්වන්නේද නැද්ද යන තීරණය ගැනීමට හැකි වන්නේ ජනාධිපතිවරයා කර තියාගෙන යන පිරිස අනුව බවද පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.