ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහි වී ජනපතිට සහය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කොළඹ මලලසේකර මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12ක පොහොට්ටු නායකයින් සහභාගී වී ඇත.
එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට පිටින් ගොස් පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කළහොත් එම තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටය.ඒ පියවර සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් 75කට ආසන්න පිරිසකගේ සහයද අදාල පොහොට්ටු ප්‍රබලයන්ට ලැබී ඇති බවද කියති.
දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රීවරුන්ද සම්බන්ධ කරගෙන අදාල දිස්ත්‍රික්ක වල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.