පොහොට්ටුවත් අනුරාධපුරයෙන් ජනාධිපති සටන අරඹයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අනුරාධපුරයේදී මේ මස 21 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

පොදුජන පෙරමුණ පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයාගේ සහායට බිම් මට්ටමින් සහය දැක්වීමට කටයුතු කළ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවත් ඒ මහතා කීය.

එම නායකයින් ද නැවත පොහොට්ටුට එක්වීමට කැමැත්ත පළ කරමින් සිටින බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මංගල රැලිය පවත්වන අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ සූදානම් කටයුතු පිළිබඳ සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *