පොසොන් පොහොය දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 289 දෙනෙකු ඊයේ (21) නිදහස් කිරීමට නියමිතයි.
වැලිකඩ බන්ධනාගාරයෙන් 19ක්, මහර බන්ධනාගාරයෙන් 30ක්, වාරියපොළ බන්ධනාගාරයෙන් 30ක් සහ කළුතර බන්ධනාගාරයෙන් 28ක් ඇතුළු දිවයින පුරා බන්ධනාගාරවල සිටින රැඳවියන් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ජනාධිපති සමාව හිමිවන පිරිස අතර පිරිමි පුද්ගලයින් 283 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු ද වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව සිරකරුවන් නිදහස් කෙරේ