පොලීසියෙන් නිවේදනයක්

පැරණි සිදුවීම්වලට අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍යය ඔස්සේ නැවත ප්‍රචාරය කර මහජනතාව නොමග යැවීමට කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇති වූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල විටින් විට සංසරණය වන අවස්ථා දැකිය හැකි බවයි පොලිසිය පවසන්නේ.

කටුනායක ගුවන් තොටුපළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයන් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරි නීතිය පනවන ලද අවස්ථාවලදී ලබාගන්නා ලද වීඩියෝ දර්ශන වැනි විවිධ අවස්ථා එලෙස සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන බවද පොලිසිය පවසනවා.

එවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජ ගතවිය හැකි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

ඒ අනුව රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සෘජු ලෙස බාධා විය හැකි සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ වීඩියෝ පට පළ කළහොත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතකු කරන බවද පොලිසිය අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *