පොලිස් මෙහෙයුම් වැඩි ධාරිතාවයකින් සිදු කරනවා

අණ පනත් මගින් පොලීසියට ලැබී ඇති බලතල අනුව ඉදිරියේදී පොලිස් නිලධාරීන් වැඩි ධාරිතාවක් යොදවා මෙහෙයුම් කටයුතු සිදු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියංත වීරසූරිය මහතා පැවසීය.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

පොලීසිය දිගින් දිගටම මෙහෙයුම් වල නිරත වුණා. යුක්තිය මෙහෙයුම කියලා සමස්ථ දෙපාර්තමේන්තුවේම නිලධාරීන් ඊට යොදවලා ඒ අරමුණට ක්‍රියාත්මක වුණා. ඒ ඒ අංශ ක්‍රියාත්මක වීමේදී තිබුණු අඩුපාඩු අපි නිරීක්ෂණය කළා. ඒවත් නිවැරදි කරමින් ඉදිරියට අණ පනත් වලින් පොලීසියට ලැබී තිබෙන බලතල අනුව පොලීසිය ඒ මෙහෙයුම් කටයුතු නොනවත්වා සිදු කරනවා. 

ප්‍රශ්නය – යුක්තිය මෙහෙයුමමද?

පිළිතුර – යුක්තිය මෙහෙයුම කියන එක ඒ මෙහෙයුමට දා ගත්ත නමක්. නමුත් පොලිස් ස්ථාන මට්ටමින් ඒ ඒ ස්ථානාධිපතිවරුන්ට වගකීම් පැවරිලා තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න. මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්න. ඒ අවශ්‍ය අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගන්න. ඒවා නිරන්තරයෙන් සිදු කරනවා. ඊට වැඩිය වැඩි ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *