පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකට නොතීසිපොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකට නොතීසි

බාල වයස්කාර ස්ත්‍රී දූෂණ නඩුවක  විමර්ශන උදෘත නීතිපතිවරයාට යොමු කර උපදෙස් ලබා ගැනීමට වසර හතරක්  ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලබන 19 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි  පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට  නොතීසි නිකුත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ(12) නියෝග කළේය.

සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන අවසන්කර නීතිපති උපදෙස් සඳහා නීති කොට්ඨාසයට යවා ඇති බවට නරාහේන්පිට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව පොලිස්පතිවරයා මගින් මෙම නොතීසිය නිකුත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.

“2015 සිදුවුනු ස්ත්‍රී දුෂණයක්,පොලිසිය විමර්ශන අවසන් කරලා 2019 දී නීති කොට්ඨාසයට උදෘත යවලා.අද වෙනකන් නීතිපතිවරයාට උදෘත යොමු කරලා, නීති උපදෙස් පතල නැහැ.අවුරුදු නමයක්,”
යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම නොතීසිය නිකුත් කළේය.

සැකකරු සහ අගතියට පත් දැරිය අධිකරණයේ පෙනී සිටීයාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *