පොලිස් අණ නොතකා පලායාමට තැත් කරද්දී වෙඩි තබා නතර කරගත් ලොරි රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
සොරා ගෙන යමින් සිටි බවට සැක කරන ගවයින් දෙදෙනකු සහ ජීව අත් බෝම්බයක් ඇතුළු දේපල සමඟ එම ලොරිය සිය බාරයට ගත් බව මීරිගම පොලීසිය කියයි.
රාත්‍රී මුර සංචාරයේ යෙදුණු පොලිස් කණ්ඩායමක් මිරිගම ගනේගොඩ මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නතර කිරීමට සංඥා කර ඇති අතර , පොලිසියේ නියෝගය නොතකා ගමන් ගත් ලොරි රථය ඉදි වෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට පියවර ගෙන තිබේ .
ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් රථය මාර්ගයේ දමා පලා ගොස් ඇත. ලොරි රථය පරික්ෂා කිරිමේදි වස්සකු හා එළ දෙනෙක ලොරි රථයේ සිට ඇති අතර රියැදුරු අසුන යට තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් හා ජංගම දුරකථනයක් පොලිස් නිලධාරීන්ට හමු වී ඇත