පේරාදෙණි රෝහලේ හෙද හෙදියෝ පාරට බසිති

පේරාදෙණිය මහ රෝහලේ විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරණීයකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එම රෝහලේ ඇති එකම ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය වැසියාමේ අවදානමක් මතුව ඇතැයි කියමින් හෙද හෙදියෝ විරෝධතාවක නිතර වුහ.

විරෝධතාකරුවන් හෙද නිලධාරිනියගේ කෲර ක්‍රියාවන් වළක්වන ඉල්ලා සිටියහ.

මෙම හෙද නිලධාරිණිය විසින් දීර්ඝ කාලයත් තිස්සේ සිදු කරන දැඩි පීඩාවන් නිසා එම රෝහලේ 700කට අධික හෙද පිරිසක් දැඩි අසහනකාරී තත්ත්වයට පත්ව ඇතැයි එම විරෝධතාවයට එක් වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සභාපති අරුණ ශාන්ත මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පේරාදෙණිය රෝහලේ ඇතිව තිබෙන මෙම තත්ත්වය නිසා රාජ්‍යය ත්‍රස්තවාදයක් මතුව ඇති බවත් මෙම ප්‍රධාන හෙද නිලධාරිණයගේ කෲර පාලනය හා මිලේච්ඡත්වය නිසා වසර ගණනාවක් සියලු දෙනාදැඩි පීඩාවට පත්ව ඇති බවයි.

මෙම තත්ත්වය රෝහල් අධ්‍යක්ෂවරයාට හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇති බවද ඔහු සඳහන් කළේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක නවනැළිය මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් රෝහල වෙත ලැබී ඇති පැමිණිලි අනුව එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා ඇති බවයි.

ඒ අනුව නුදුරේම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මෙහි පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *