පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක ප්‍රධානියෙක්ගේ වැඩ අත්හිටුවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප‍්‍රධානියාගේ සේවය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිවුවීමට එහි උපකුලපතිවරයා විසින් පියවර ගෙන තිබේ.

ඔහු වැඩබලන ප‍්‍රධාන ආරක්‍ෂක නිළධාරී ලෙසින් කටයුතු කල කාල සීමාවේ සිදුකරන ලද අපරාධ සහ විෂමාචාර ක‍්‍රියාවන් කිහිපයක් සම්බන්ධයෙන් මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගවන අංක බී 51810/19 දරණ නඩුවට අදාලව පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීම පදනම් කර ගනිමින් මෙම සේවය අත්හිටුවීම සිදුකර තිබේ.

සේවය අත්හිටුවීමේ ලිපියට අනුව වැටුප අඩකින් අත්හිටුවීමට කටයුතු කර ඇති අතර විශ්වවිද්‍යාල භූමියට ඇතුල්වීමද තහනම් කර තිබේ.

2019 -04 – 06 වන දින රාත‍්‍රී කාලයේ විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීවරයා වාසය කල විශ්වවිද්‍යාලභූමිය තුල පිහිටි නිල නිවාසයට අලාභහානි සිදුකිරීමත් එහි බිත්තිවල අසභ්‍ය වචන සහිත මරණීය තර්ජනාත්මක වැකි ලියා අපහාස කිරීමත් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය මගින් මෙම අපරාධ නඩුව පවරා ඇති අතර එකී පරාධයට අදාලව තවත් සැකකරුවන් 4 දෙනෙකු රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට පසුගිය මාර්තු 14 වන දින අධිකරණය පියවර ගෙන තිබේ.

මෙම විෂමාචාර ක‍්‍රියාවන්ට අදාලව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරය විසින් තැනැත්තාට එරෙහිව විනය පරීක්‍ෂණයක්ද ආරම්භ කර ඇති අතර අදාල පුද්ගලයා මහඉලූප්පල්ලම උප ඒකකය වෙත මාරු කිරීමට මේ වන විට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *