පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම්වරයා සහ එම පක්ෂ තවත් සාමාජිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඊයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය අතරතුර සිදුවූ බව කියන වැරදි කිහිපයක් සම්බන්ධයෙනි.
මේ අතර එම විරෝධතාවයේදී රාජකාරී කටයුතුවල නිරත වී සිටි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා තිබුණි.