පුහුණු වීම් සඳහා යොදාගන්නා ගුවන්යානයක් කාර්මික දෝෂයක් නිසා හදිසි ගොඩබෑමක්

ගුවන් නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා යොදාගනු ලබන සෙස්නා 150 ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ හදිසියේ ගොඩබා තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ එම ගුවන් යානය ඉරක්කණ්ඩි ප්‍රදේශයේ ගොඩබෑ බවය.

ගුවන් හමුදා ත්‍රිකුණාමලය පුහුණු කඳවුරෙන් පෙරවරු 10.22ට පමණ ගුවන්ගත වූ එම යානය පෙරවරු 10.48ට පමණ එසේ හදිසියේ ගොඩබා තිබේ.

එහි ගුවන් නියමුවන් දෙදෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනා නිරුපද්‍රිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *