පුනරුත්ථාපනය වූ 24 දෙනෙකු නිදහස් කරයි

දීර්ඝ කාලීන සිරකරුවන් බලපත්‍ර මත මුදාහැරීමේ ක්‍රමවේදය යටතේ, යහපත් ලෙස පුනරුත්ථාපනය වූ සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබේ.

අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තිය යටතේ, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අදාළ සිරකරුවන් නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇත.

එම පිරිස ලබන 17 වනදා නිදහස්වීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමාසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

බන්ධනාගාරගත රැඳවියන් යහපත් පුරවැසියන් බවට පත්කොට නැවත සමාජගත කිරීමේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ සුවිශේෂී වැඩසටහනක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීමට නියමිත බව චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ මෙම ක්‍රියාවලිය නැවත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *