මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
18 දින රාත්‍රියේ සිට 19 අලුයම දක්වා ඇද හැළුන මහ වැසිත් සමග මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල මෙලෙස පවුල් 4769 ක පුද්ගලයින් 19128ක පිරිසක් මෙසේ පිඩාවට පත්ව ඇති බව කියයි.
මෙයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ වන අතර එහි ග්‍රාම නිළධාරී වසම් 11 ක පවුල් 4582 ක පුද්ගලෙන් 18497 ක පිරිසක් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
මහ වැසිත් සමග ගලා ආ ජලය ඇතැම් නිවාවල අඩි දෙකකට ආසන්න තිබු බවත් ආපදා සහන සේවා නිළධාරීන් පවසයි.
මෙසේ පිඩාවට පත්වු පිරිස්වලින් පවුල් 340 ක පුද්ගලයින් 1140 ක සංඛ්‍යාවක් ආරක්ෂීත ස්ථාන හතරක රදවා ඇති බවත් අවශ්‍ය පිරිස් වෙත පිසු ආහාර ලබා දීමටද මේ වන විට අදාල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අනිකුත් රාජ්‍ය නිළධාරීන් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති බව කියයි.