පුංචි ඡන්දයේ කොට්ඨාස දිනූ අපේක්ෂකයන්ගේ නම් සියයට 40ක් කොමිෂමට දන්වා නෑ

පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් මැතිවරණ කොමිෂමට යොමුකර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු වෙයි. ඒ අනුව අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස මැතිවරණ කොමසම පවසයි.

ජූනි මස 2 වනදාට පෙර පළාත් පාලන ආයතනවල නිල කාලයද ආරම්‍භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *