පුංචි ආණ්ඩු ප්‍රධානීන් නම් කරන්න දැනුම් දෙයි

පළාත් පාලන ආයතනවල බහුතරය ලැබූ පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරු නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් තිබේ.

පළාත් පාලන ආයතන සියයට 50 කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම කළ බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ජාතික ජනලවේගය, සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් මෙවර පළාත් පාලන ආයතනවල බලය හිමිකරගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *