පිළිකාවට බෙහෙත් බෙදූ යතුරුපැදිකරුවෙකු අත්අඩංගුවට

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග 16ක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවය.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීමකදී 24 හැවිරිදි සැකකරු පවසා ඇත්තේ, සිසිලස රැඳෙන පෙට්ටියක් තුළ ඇසිරූ එන්නත් හා ඖෂධ තමා අළෙවි කළේ, අලෙවි නියෝජිතයෙකු තමන් වෙත යොමුකරන රෝගීන්ට බවය.

එමෙන්ම අදාළ ඖෂධ තමා වෙත අළෙවි කිරීම සඳහා ලබාදුන්නේ ද එම අලෙවි නියෝජිතයා බව සැකකරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ප්‍රකාශ කළේය.

මහමගදී අලෙවි කළ පිළිකා ඖෂධ මෙරට ලියාපදිංචිකර ඇතිද යන්න සොයාබැලීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත යොමුකිරීමට නියමිතය.

අද බැඳුම්කර ඇප මත මුදාහැරි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *