පිලිපීන යාත්‍රා 02කට චීනයෙන් ජල ප්‍රහාර

දකුණු චීන මුහුදේ පවතින අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සිය නාවික කටයුතු සඳහා චීනය බලපෑම් එල්ල කරන බවට පිලිපීනය දිගින් දිගටම චෝදනා කිරීම හේතුවෙනි.

එවැනිම චෝදනාවක් පිලිපීනය ඊයේත් එල්ල කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පිලිපීනය පවසන්නේ දකුණු චීන මුහුදේ මුර සංචාරයක් අතරතුර, චීන වෙරළාරක්ෂක බලකාය සිය යාත්‍රා දෙකකට ජල ප්‍රහාර එල්ල කළ බවය.

ඒ හමුවේ එක් යාත්‍රාවකට හානි සිදුවී ඇතැයි ද පිලිපීනය චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *