පිරිසිදු ශ්‍රි ලංකා – විශේෂ ජනපති කාර්ය සාධක බලකාය

“පිරිසිදු ශ්‍රි ලංකා” නමින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ඉතා කෙටි කලකදී පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.

ඒ සදහා විදේශගත ශ්‍රි ලාංකිකයින් ගේ සහ මෙරට දානපතියන් ගේ ආධාර උපකාර සහිත අරමුදලක් පිහිටුවීමට අපේක්ෂා  කරන බවද ඒ මහතා පැවසීය.

එම කාර්ය සාධක බලකාය හරහා සියලු ගංගා ඇළ දොළ මංමාවත් බස් රථ වැසිකිලි පද්ධති බස් රථ දුම්රිය වෙරළ ආදී සියලු දෑ පිරිසුදුව පවතින ආසියාවේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *