පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පැවසීය.

අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බව සඳහන් කළ වීරතුංග මහතා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු කීවේය.

ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ඉදිරිපත් නොවන බවද උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සංවාදයක නිරත වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *