බුත්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුධය ඉහළයාමක් සමග සමාගමේ පාලන අධිකාරිය විසින් ඔවුන් නිෂ්පාදනය කරන දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්,පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බව සමාගමේ සේවකයෝ පවසති.
එසේ අලෙවිකර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසුහතරක පමණ පාඩුවක්පිට බව, සමාගමේ සේවකයෝ පවසති.
මෙම ගණුදෙනුව හේතුවෙන් සමාගමට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 420ක පමණ වන බව පැවසේ.
සමාගම තම සීනි තොගවලින් කොටසක් මෙසේ පාඩුපිට අලෙවි කර ඇත්තේ, 2025 මැයි මස සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය හිඟ මුදල් සොයා ගැනිමට හා උක් ගොවියන්ගේ උක් සදහා අවශ්‍ය ගෙවීමි කටයුතු සිදුකිරිමට බව පැවසේ.
පැල්වත්ත සීනි සමාගමේ මෙි වනවිට අලෙවිකරගත නොහැකිව ගබඩාකර ඇති සීනි සීනි මෙට්‍රික්ටොන් ප්‍රමාණය 17000කට ආසන්නය.