රජය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවු පළාත් අතර සංචරණ සීමා පොලීසිය දැඩිව ක්‍රියාත්මක කළත් ජනතාව පාගමනින් පළත් මායිම් හරහා ගමන් කරමින් සිටින බව ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසයි.
ඒ අනුව සබරගමුව හා වයඹ පළාත් මායිම වන කෑගල්ල පොල්ගහවෙල මාර්ගයේ කරඳන පාලම හරහා ගමන් කරන මගීන් වයඹ පළාතට ඇතුළුවී සිය දෛනික කටයුතුවල නිරතවෙමින් සිටී.
වයඹ පළාතට අයත් බස්රථ එම පාලමෙන් එක් අන්තයක නවතා ඇති අතර සබරගමු පළාතේ බස්රථ අනෙක් අන්තයේ ඇති බවද අප වාර්තාකරුවන් පවසයි.
කෑගල්ල හා පොල්ගහවෙල පොලිස් ස්ථානවල නිලධාරීන් පාලමේ දෙපස මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂාවන් සිදුකරමින් සිටින බවද අප වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසීය.