ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 සේවය අද(30) අවසන් කරන බව වැඩබලන ආගමන විගමන පාලන ජනරාල්වරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී සහ ප්‍රාදේශීය කාර්යාලවලදී ලබන 2 වැනිදා සිට එක්දින සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා අයදුම්පත් භාරගන්නා බව ද ආගමන විගමන පාලන ජනරාල්වරිය සදඟන් කළාය.
එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන්කරගනු ලැබූ අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා අති අයදුම්කරුවන් ඉහත කාල සීමාව තුළදී අයදුම්පත් එක්දින සේවය ඔස්සේ භාරදිය හැකි බව වැඩබලන ආගමන විගමන පාලන ජනරාල්වරිය වැඩි දුරටත් සඳහන් කළාය.