පාසල් 20 වැනිදා වහයි

දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා සියලුම පාසල් මේ මස 19 වැනිදා පාසල් පැවැත්වෙන වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන් වෙත භාරදිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙවර ජනාධිපතිවරණය මෙම මස 21 වැනිදා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *