පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් මෙම ණය මුදල ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.
දරුවන් ආරක්ෂිතව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාමට තම සංගමය කටයුතු කරන බැවින් රජය මේ පිළිබඳ අවධානය යොමු කරනු ඇති බවත් ඔහු සඳහන් කලේය.
මිල සංශෝධනය අනුව පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නොමැති බැවින් ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.