පාසල් වල ළමා අපයෝජන ඉහළ යාමක්

පාසල වලදී දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජන වල ඉහළ යෑමක් වාර්තා වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය.

තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබිය යුතු බව කී අග්‍රාමාත්‍යවරිය එවැනි සිදුවීමක් වාර්තා වූ වහාම විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බව සඳහන් කළාය.

කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවම්වත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ(27) පැවති වැඩසටහනේදී අග්‍රමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *