මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩුත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල විය. මේ පිළිබඳව අවධානය යොමු කළ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ දැනට රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නත් සමඟ ආයතනයේ මුදල් යොදවා මෙය සංවර්ධනය කිරීමට අපහසු බැවින් මෙය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසයි.
ඒ හේතුවෙන් කලින් සැලසුම් කළ පරිදි වසර පහක් තුළ වියදමින් 50%ක මුදලක් උපයා ගැනීමේ වැඩපිළිවෙලට බාධා එල්ල විය.
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීම සඳහා ජපාන ආයෝජකයන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා, “පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නැවත පණ ගැන්වීමට පිළිබඳව අපි විවිධ ආයෝජකයින් සමඟ සාකච්ඡා කළා. ඒ අනුව අපිට ගැලපෙනම ආයෝජකයා ලෙස තෝරාගනිමින් ඔහුට බදු දීමට අපි කටයුතු කරමින් යනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී දැනට පාවෙන වෙළඳ සංකීර්ණයේ සිටින ව්‍යාපාරික ප්‍රජාවට කිසිදු බලපෑමක් හානියක් සිදු වන්නට ඉඩ දෙන්නේ නෑ.” යනුවෙන්ද සඳහන් කළේය.