පාර්ලිමේන්තු සේවකයින්ගේ හිලව් දීමනා දෙවැනි වරටත් ඉවතට

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය  දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර  ඇතැයි වාර්තාවේ.

මේ අවස්ථාවේදී එම හිලව් දීමනාව ලබාදිය නොහැකි බව අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කෙරුණු විට පාර්ලිමේන්තු සේවකයන්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඒ පිළිබඳව  යළි කරුණු සළකා බලන ලෙස ඉල්ලීම් කර තිබිණි.

එම සේවකයන් මෙම ඉල්ලීම කරන ලද්දේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

තමන් නිවාඩු ලබා නොගෙන කරන ලද සේවාව වෙනුවෙන් ලැබිය යුතු දීමනාව මෙසේ අහිමි කිරීම බලවත් අසාධාරණයක් බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *