අද සහ හෙට (06) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නිමිත්තෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග වසා දැමීමට ශ්රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ පාර්ලිමේන්තුව දෙසට දිවෙන මාර්ගයේ මහජන විරෝධතා පැවැත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවට පැමිණීමට සහ ඉන් පිටතට යාමට නොහැකි වී ඇති බවයි.
මහජන විරෝධතා හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පොලිසිය ප්රකාශ කළා.
ඒ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුවට පිවිසෙන සහ ඒ අවට මාර්ග කිහිපයක් වසා තැබෙන බවයි ඔවුන් කියා සිටියේ.
පොල්දූව හංදියේ සිට ජයන්තිපුර හන්දිය දක්වාත්, ජයන්තිපුර හන්දියේ සිට ඩෙන්සල් කොබ්බෑකඩුව මාවතේ පාර්ලිමේන්තුව දෙසට දිවෙන මාර්ගය දක්වාත් මාර්ග වසා දමා ඇත.
මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට පිවිසෙන සියලුම අතුරු මාර්ග ද වසා තැබෙන අතර වසා ඇති මාර්ගවල පදිංචිකරුවන්ට ගමන් කිරීමට හේතුව සඳහන් කළ හැකි අතර එම මාර්ග භාවිත කිරීමට අවසර ලැබේ.
මාර්ගය වසා දැමීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාවයන් පිළිබඳව කනගාටුව පළ කරන පොලීසිය, විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.