පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හිස්වෙයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හිස්ව තිබේ.

ඒ නව වැනි ජනාධිපති ලෙස තේරි පත්වූ අනුර කුමාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් මේ බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යවා ඇත.

පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *