ප්‍රසන්නට – මිල්රෝයිට වරෙන්තු:මර්වින් යළි රිමාන්ඩ්

රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ  ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනාගෙන් දෙවන සැකකරු වන හිටපු ඇමැති ආචාර්ය මර්වින් සිල්වාට ඇප ලබා ගැනීම සදහා ඉදිරිපත් කර තිබු දිවුරුම් සහතිකය සමග වෛද්‍ය සභතිකය ප්‍රතික්ෂේප කරමින් එම සැකකරුවන් හතර දෙනා  මේ මස 21 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස  මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට සැගවී සිටින සැකකරුවන් දෙදෙනා වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන්ගේ දේපල තහනම් කිරීමට ඉදිරි පියවර ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව එම දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් ද  නිකුත් කළාය.

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබු හෙයින් එම නියෝගය ඔවුන්ට බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *