යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්පාදනය කිරිමට අධිකරණ අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.
ඒ අනුව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.