ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා “ප්‍රජා උපේදේශන කමිටු” පිහිටුවීමට සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය අප්‍රේල් මස 29 වැනිදා නිකුත් කළ චක්‍ර ලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළේය.
ෆැපරල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරුදහනම නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණවිනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ ,යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය .