ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම ජවිපෙට ගැලපෙන්නෙ නෑ – රනිල් වික්‍රමසිංහ

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගත්තත් තවමත් ඔවුන්ගේ ඇඟට ඒවා හරියටම ගැලපෙන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ජන හමුවකදී පැවසීය.

කුණු ඇඳුම් විසිකර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගන්නැයි ජනාධිපතිවරයා රටේ මාධ්‍යයට පවසා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට තේරෙන දේ වත් රටේ ජනාධිපති, අගමැති, ඇමති තුන් කට්ටුවට තේරෙන්නේ නැතැයි කීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරයෙන් තරඟ කරන මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවරදී මෙම ජන හමුව සංවිධාන කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *