පළාත් සභා මැතිවරණය ලබන වසර තුළ පැවැත්වීමට රජය සැලසුම් කරයි: ජනපති

පළාත් සභා මැතිවරණය ලබන වසර තුළ පැවැත්වීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලබන වසර තුළ පළාත් පාලන මැතිවරණයද පැවැත්වීමට රජය අපේක්ෂා කරන බවයි.

කඩා වැටුණු රට යළි නගා සිටුවීම සඳහා ජනාධිපති ධුරය, ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක්, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇතුළත් ශක්තිමත් දේශපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම වැදගත් බව ජනාධිපතිතුමා පැවසීය.

“ජනාධිපතිකම, ශක්තිමත් ඇමැති මණ්ඩලයක්, පාර්ලිමේන්තුව, පළාත් සභා, නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු දේශපාලන යාන්ත්‍රණයක් ආණ්ඩුකරණයට අවශ්‍යයි.පළාත් සභා මැතිවරණය ලබන වසර ඇතුළත පැවැත්වීමට අපි සැලසුම් කරනවා.

ඒ වගේම නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණයත් පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *