පළාත් සභා මැතිවරණය තව වසරකින් පමණ කල් යනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් සභා මැතිවරණයට තවම සූදානමක් නැති බවයි.
ඒ සම්බන්ධයෙන් තවම සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් බොහෝ දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට දැන් තියා සූදානම් වෙමින් සිටින බව දැනගන්නට ඇත.
සමහර පක්ෂ සිය මහ ඇමති අපේක්ෂකයන්ද දැනටමත් නම් කර ඇත. බොහෝ පළාත් සභාවල ධූර කාලය අවසන්වී වසර දහය ඉක්මවා ඇත.