පළාත් පාලන ඡන්දයේ වියදම ඉල්ලා රනිල්ට නඩු දානවා

නාමයෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් රුපියල් කෝටි 72 ක මුදලක් අපතේ යෑම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අධිකරණයට යන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

‘නිදහස ජනතා සභාවේ’ ලිපි ශීර්ෂය යටතේ ‘ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමේ වන්දිය ගෙවනු, ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක්’ යන ශීර්ෂය යටතේ ඩලස් අලහප්පෙරුම මහතා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ දේශපාලන ශූන්‍යභාවය වසා ගැනීමට 2023 වසරේ ජනවාරි මස අත්තනෝමතික ලෙස පළාත් පාලන මැතිවරණය කල්දැමූ බවත් ඒ වන විට මැතිවරණ කොමිසම එම මැතිවරණය සඳහා රුපියල් කෝටි 72 කට අධික මුදලක් වැයකර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර තිබූ බවත් එම ලිපියෙන් ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *