කොවිඩ් -19 වෛරසය ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සඳහා පසු ප්‍රතිකාර වැඩසටහනක් ආරම්භකිරීමට දේශිය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
ආර්යුවේද වෛද්‍ය ක්ෂේත්රයේ විශේෂඥයින් සහ වෛද්‍යවරුන් ඒකාබද්ධව පසු කොවිඩ් තත්ත්වයෙන් පීඩා විඳින්නන් සඳහා ප්‍රතිකාර කිරීමේ වැඩසටහන ආරම්භකිරීමට සැලසුම්කර ඇති බව එම අමාත්‍යංශය පැවසීය.
වෛරසය ආසාදිතව සුව වීමෙන් පසු යළිත් විවිධ සංකුලතා මතු වී වෙනත් රෝගී තත්ත්වයන්ට ලක්වීම සහ මියයාම සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩ් මහතා පැවසීය.