විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණ පන්සිය පනහක් පසුගිය වසර පහේදී වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම පවසන අන්දමට ගිය වසරේ දී පමණක් විදුලිසැර වැදීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 120කි.
විදුලි සැර වැදීමෙන් සිදුවූ මරණ වලින් සියයට හතළිහක් පමණ වගා ආරක්ෂාව සතුන් මැරීමේ ආදී කටයුතු සඳහා නීති විරෝධී ලෙස ඇද තිබූ අනවසර විදුලි රැහැන් හේතුවෙන් සිදුව ඇති බව පවසන කොමිසම එම මරණ වැඩි සංඛ්‍යාවක් මහනුවර සහ බදුල්ල දිසික්කවලින් වාර්තා වී ඇතැයිද සඳහන් කරයි.
පසුගිය වසර කිහිපය හා සංසන්දනය කිරීමේදී විදුලි මරණවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
මහජනතාවගේ නොදැනුවත්භාවය, නිෂ්පාදන හිඟකම, විදුලි වැට ස්ථාපනවල ප්‍රමිතියේ ඇති අඩු ලුහුඬුකම් සහ නීතිය බලාත්මක කිරීම හා සම්බන්ධ දුෂ්කරතා විදුලි මරණ වැඩිවීමට බලපා ඇති කාරණා බවද කොමිසමට පෙනී ගොස් ඇත.
මේ තත්වය හේතුවෙන් විදුලි මරණ අවම කර ගැනීම සඳහා මහජනතාවගේ සහ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් උපදේශන සැසි පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.