පසුගිය දිගු සති අන්තයේ ඉන්ධන පරිභෝජනය 50%කින් පහතට

පසුගිය වසර හා සසඳන විට පසුගිය සති අන්තයේ ඉන්ධන භාවිතයේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු කියා සිටියේ උත්සව සමයේ ඉන්ධන ඉල්ලුම සියයට 50 දක්වා අඩුවී ඇති බවත්, එබැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව ඇති බවත්ය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයින් සඳහා සැලකිය යුතු සහනයක් ලබාදෙන ලෙස එම සංගමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලීමක් කළා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනතාව තම තමන්ගේ වාහනවලින් දුර ගමන් බිමන් සීමා කර ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පොදු ප්‍රවාහන සේවයට යොමු වී ඇත. පෙර පැවති ඉන්ධන තරඟ සමඟ සසඳන විට, ඔවුන්ගෙන් බහුතරයක් තම වාහන භාවිතා කරන්නේ ඔවුන්ගේම අරමුණු සඳහා පමණි.

“ත්‍රීවීල්, බයික් වල ටැංකි ටික ටික පුරවනවා. පළාත්වල පිරවුම්හල්වලින් ඒක පේනවා. එහෙම බැලුවම ඉන්ධන අලෙවිය සෑහෙන්න අඩුවෙලා” ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *