පෙම්වතුන්ගේ දිනයට නව අරුතක් එක් කරමින් පෙබරවාරි 14 වැනිදා ‘ආදරයට පැලයක්’ තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් හඳුන්වා දීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම රුක් රෝපණ වැඩසටහන පරිසර අමාත්‍යාංශය, පාදුක්ක හරිත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාල මණ්ඩපය සහ ශ්‍රී ලංකා සංවර්ධන පදනම එක්ව පෙරවරු 9.00 ට පවත්වනු ලැබේ.
පසුගිය වසරේ ද ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මෙවැනි රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර එදින මී පැළ 50,000ක් සිටුවීමට කටයුතු යොදා තිබූ බව අමාත්‍යාංශය පවසයි.