පරිපූරක වෛද්‍ය සේවාවේ තනතුරු හතරක් ආවරණය වන පරිදි 179 දෙනෙක් අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (28) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි සිදුකෙරේ.
ඒ අනුව වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සදහා 41, විකිරණ ශිල්පි තනතුර සදහා 74, භෞත චිකිත්සක තනතුර සදහා 53 සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා 11 දෙනෙකු ලෙස බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතය.
ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවීම විශේෂත්වයක් වන අතර එම තනතුර සඳහා අවසන් වරට බඳවා ගැනීම සිදුකර ඇත්තේ 2014 වර්ෂයේ දී ය.