‘නොවිය යුතු දෙයක් මා අතින් වුණා‘ – අමාත්‍ය ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු  වශයෙන් එදා ‘තමන් අතින්  නොවියුතු දෙයක් සිදු වු බව” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ  කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව යමින් සිටියදී, එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි .

මෙම සිදුවීමෙන් පසුව, මෙම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණය යටතේ ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ” ඒ මනුස්සයා පවුනෙ, ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ, ඇවිත් වැඩ කරන්න එපායැ, නැතිනම් ජීවත් වෙන්න විධියක් නැහැනෙ” යනුවෙන් ද පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා  අමාත්‍යවරයා වෙත කැදවීමක් සිදු කර තිබුණි.

ඒ අනුව උදෑසන 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත අමාත්‍යවරයා පැමිණි අතර පැයකට ආසන්න කාළයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 11.40 ට පමණ පොලිසියෙන් පිටතට පැමිණියේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *