නොරොච්චෝලේ මෙගාවොට් 270ක බලාගාරයක කාර්මික බිඳවැටීමක් සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවේ, විදුලිබල මණ්ඩලය විසින් බිඳවැටීම නිවැරදි කිරීම සඳහා අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි.
නොරොච්චෝලේ බලාගාරය දින 5ක් ඇතුළත නැවත සම්බන්ධ කරන බවට විදුලිබල මණ්ඩලය සහතික වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
දැනට පවතින විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කිරීමකින් තොරව කළමනාකරණය කරන බවට විදුලිබල මණ්ඩලය ද සහතික වී ඇති බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.
තාප හා ජලවිදුලි බලාගාර යොදා ගනිමින් විදුලි කප්පාදුව කළමනාකරණය කරන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.