නොමිලේ සපත්තු දුන්නට ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නෑ

විපක්ෂය ලබා දෙන පොරොන්දු දේශපාලන වේදිකාවට සුදුසු වුවද ඒවා ක්‍රියාත්මක කිරීමට යාමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය නැවත කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සමඟ අඛණ්ඩව ඉදිරියට යා යුතු බව පැවසූ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේදී සියලුදෙනා එක්ව රජයේ වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවිය යුත්තේ එම නිසා බවද කියා සිටියේය.

දේශපාලනය කිරීමට රටේ යහපත් ආර්ථිකයක් පැවතිය යුතු බවත් නොමිලේ සපත්තු ලබා දුන් පමණින් රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් හිමි නොවන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරින් සමඟ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති හමුවකට එක් වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *