නුවර එළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
නුවරඑළිය නගරයේ කානු හා බෝක්කු පද්ධතීන් නියමානුකුලව නොමැති නිසා, ජලය ගලා යන ඇළ පද්ධතින් සමහර ස්ථාන අවහිර වීම ජල ගැලීමට මුලික හේතුව බව නගර වාසීහු පවසති.
මිපිළිමාන, කඳපොළ, හාවාඑළිය ප්රදේශවල මෙන්ම නුවරඑළිය ප්රදේශයේ බොහෝ ස්ථානයන්ගේ වගා බිමි ද මෙම වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට විය.
මේ හේතුවෙන් වගා බිම් විනාශ විමත් සමග ගොවි මහතුන් අපහසුතාවයට පත්ව ඇත.