නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙයි.

නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර ඇති නුවරඑලිය වසන්ත උදානයට සිංහල හින්දු අලුත් අවුරුදු සමයත් සමග දේශිය සංචාරකයන් විශාල පිරිසක් (16) දින නුවරඑලියට පැමිණ සිටි අයුරු අප කැමරාවෙ සටහන් විය.

නුවරඑලිය නගර සිමාවේ සියළුම සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථාන සංචාරකයන්ගෙන් පිරි ඇති බව සංචාරක හෝටල් හිමියන් පැවසිය.

එසේ පැමිණි සංචාරකයන් වෙනුවෙන් විනෝද විම සදහා නුවරඑලිය ග්‍රේගරි වැව පරිශ්‍රයේ පහසුකම් ගණනාවක් සලසා ඇති බව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *