නීති විරෝධිව ගෙන ආ සතුන් කටුනායකින් අල්ලයි

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමග තරුණ ව්‍යාපාරික යුවළක්  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත , සත්ව රෝග පනත සහ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින්  මෙම සතුන් රැගෙනවිත් ඇති අතර  රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් , රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නීරෝධායන ආයතනයේ නිලධාරීන් පිරිසක් විසින් ඒකාබද්ධව සිදු කළ වැටලීමකින් අත් අඩංගුවට ගෙන තිබේ .

සැකකාර යුවළ අවිස්සාවේල්ල , පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වාතාස්‍රය ලැබෙන පරිදි සකස් කළ  කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ ඉබ්බන් , ගෙම්බන් , මාලු , ඉත්තෑවන් , ලේනුන් , කැස්බෑවන් , කටුස්සන් , හැම්ස්ටර් , සැලමැන්ඩා , තවත් පණුවන් විශේෂයක් සහ මීයන් අසුරා ගෙන පැමිණ තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *